සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරිම ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්..

Ministry of Education G.C.E. (O/L) Examination
By krishani Oct 28, 2022 03:05 AM GMT
krishani

krishani

Report
225 Shares

2021 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස 25 වැනිදායින් අනතුරුව ප්‍රකාශයට පත්කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන කියා සිටියේ ය.

සාමාන්‍ය පෙළ විභාගය පසුගිය මැයි මාසයේ දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,844 කදී පැවැත්වුණු අතර ඒ සඳහා අපේක්ෂකයන් 517,486 ක් පෙනී සිටියේ ය.

ඉන් 407,129 ක් පාසල් අයදුම්කරුවන් වන අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 590 දෙනෙකු ද විභාගය සඳහා පෙනී සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha