තරුණියක් මත්පැන් වීදුරු තුනම පානය නොකොළහොත් එක් පිරිමි ළමයෙක්ව සිප ගන්න වෙනවා..මත්පැන් බිව්ව තරුණියට අත්වූ ඉරණම..
සිය කාර්යාලයේ මිතුරන් සහභාගී වූ උත්සවයක් අතරතුර මිතුරෙකු සිප ගැනීමට සිදු වූ සිදුවීමක් නිසා සේවය නියුතු තරුණියක් ඉල්ලා අස් වූ අමුතුම පුවතක් පිළිබඳව තොරතුරු වියට්නාමයෙන් වාර්තා වනවා.
Huynh Anh My නම් මෙම කාන්තාව තමන් සේවය කළ ආයතනයේ සේවකයින් සියලු දෙනා අනිවාර්යෙන්ම සහභාගී විය යුතු උත්සවයකට සහභාගී වී තිබෙන බවයි පැවසෙන්නේ.
ඇය මේ පිළිබඳව පවසා සිටියේ මෙවන් අදහසක්. "
මමත් ඒ උත්සවයට සහභාගී වුනා.
ඒක අනිවාර්ය නිසා. එහිදී පැවති ක්රියාකාරම් සඳහා මම සහභාගී වුණා. මුහුදු වෙරළේ ජලය රැගෙන යාමේ තරගයකට සහභාගි වෙමින් සිටියදී මට වෙහෙසක් දැණුනා.
මගේ මිතුරියන් වෙහෙසට පත්වෙලා මුහුදු වෙරළේ වාඩි වෙලා ඉද්දී සමහර පිරිමි ළමයි ඇවිත් ඔවුන් මුහුදු වතුරට තල්ලු කරමින් විනෝද වුනා. මට සිතාගන්නවත් බෑ.
මෙය වධහිංසාවක් මිස කණ්ඩායමක් නෙමෙයි. ඊට පස්සේ කට්ටිය බීම ක්රීඩාවක් කිරීමට යෝජනා කළා.
මම මත්පැන් වීදුරු තුනම පානය නොකොළහොත් එක් පිරිමි ළමයෙක්ව මට සිප ගන්න වෙනවා. ඔහු අපේ පියාගේ වයසේ පමණ පසුවෙන අයෙක්. මේක කෙතරම් අමුතු, විකෘති ක්රීඩාවක්ද කියලා මම කල්පනා කළා.
පසුව පිරිමි මිතුරා මගේ ළඟට ඇවිල්ලා අත අල්ලගෙන පානය කරන ලෙස මට බල කළා. ඔහු මගේ මුහුණට ළං වූ නිසා මට කඳුළු ආවා. මම හොඳටම බය වුණා.
මම වීදුරු තුනම පානය කළ පසු ඔහු අවසානයේ නතර වී වෙනත් ගැහැණු ළමයෙකු වෙත ගියා," ඇය පවසා සිටියා.
ඇය වැඩිදුරටත් පවසා සිටියේ මෙවැනි අදහසක්.
මෙයින් පසු, මම දින ගණනාවක් බියෙන් හා කනස්සල්ලෙන් සිටියා, මට සමාගම තුළ කිසිවෙකුට මුහුණ දීමට නොහැකි වුණා. අවසානයේ මම ඉල්ලා අස්වුණා,"