සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන ආරංචියක්...

Ministry of Education Sri Lanka G.C.E. (O/L) Examination
By Aruna Nov 06, 2022 05:13 AM GMT
Aruna

Aruna

Report

මේ වසරේ පැවැත්වුණු 2021 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස 30 වැනිදා හෝ ඊට පෙර ප්‍රකාශයට පත්කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා කියා සිටියේ, මේ වනවිට උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවයි.

සාමාන්‍ය පෙළ විභාගය පසුගිය මැයි මාසයේ දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,844 කදී පැවැත්වුණා.

ඒ සඳහා පෙනී සිටි අපේක්ෂකයන් සංඛ්‍යාව 517,486 ක්.

ඉන් 407,129 ක් පාසල් අයදුම්කරුවන් වන අතර, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 590 දෙනෙකු ද විභාගය සඳහා පෙනී සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha