සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් කල් යයි..පාසල් වල දැඩි අර්බුධකාරී තත්ත්වයක්..

Ministry of Education Sri Lanka G.C.E. (O/L) Examination
By Aruna Apr 10, 2023 05:50 AM GMT
Aruna

Aruna

Report

පාසැල්වල අමතරව රැඳී සිටින සාමාන්‍ය පෙළ සිසුන් තුන්ලක්ෂයක පමණ පිරිසකට පන්ති කාමර ඉඩකඩ සොයා ගැනීම සම්බන්ධයෙන් පාසැල් ප්‍රධානීහු දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා.

මෙම අර්බුදය ඇති වී තිබෙන්නේ 2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට මෙතෙක් නොහැකි වීම නිසාය.

මේ නිසා පසුගිය වසරේ මෙන්ම මෙම වසරේ ද සාමාන්‍ය පෙළ සිසුන් හයලක්ෂයකට(600000) පමණ එකොළහ ශ්‍රේණියේ පන්තිවල රැඳී සිටීමට සිදුව තිබේ.

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් ගැටලුව හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 29 වැනිදා දක්වා සති දෙකකින් කල් දැමීමට ද විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන අතර මේ නිසා අමතර සිසුන්ට තවදුරටත් පන්ති කාමරවල රැඳී සිටීමට සිදු වෙයි.

විභාගය ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණේ ලබන මස 15 වැනිදායි.

විභාගය පවත්වන තෙක් මෙම සිසුන්ට අධ්‍යයන නිවාඩු ලබා දීමට හෝ පාසැල් ප්‍රධානීන් යෝජනා නොකරන්නේ එසේ වුවහොත් අපහසුවෙන් හෝ දැනට කරගෙන යන ඉගැන්වීම් කටයුතුවලින්ද ඔවුන් දුරස් වනු ඇතැයි යන සැකය හේතුවෙනි.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක විදුහල්පතිවරයෙක් පැවසුවේ, හය ලක්ෂයක් පමණ වන වසර දෙකේම සිසුන් එකොළහ ශ්‍රේණියේ පන්තිවල තබා ගැනීම කිසිසේත් කළ නොහැක්කක් බවත් එම සියලු සිසුන්ට ඉගැන්වීම සඳහා ගුරුවරු යෙදීම බරපතළ ගැටලුවක් බවයි.

ඇතැම් පාසැල්වල මෙම සිසුන්ට රැඳී සිටීමට සිදුව ඇත්තේ පාසැල් ක්‍රීඩාපිටියේ හෝ ගසක් යට වීමද දැඩි ගැටලුවක් බවට පත්ව ඇත. ඇතැම් පාසැල්වල දිනක් හැර දිනක් හෝ සම්මන්ත්‍රණ පැවැත්වීමේ වැඩපිළිවෙළවල් ද ක්‍රියාත්මක වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරියෙක් සඳහන් කළේ, විභාගය පවත්වන තෙක් මෙම අපහසුතාව මත කටයුතු කිරීමට සිදු වන බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha