2021 විද්‍යාපීඨ බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්.

Ministry of Education Sri Lanka Parliament A D Susil Premajayantha Sri Lanka
By Hashini Sep 20, 2023 10:03 AM GMT
Hashini

Hashini

Report

අධ්‍යාපන අමාත්‍යවරයා පවසන්නේ, 2021 විද්‍යාපීඨ කණ්ඩායම බඳවා ගැනීමට අදාළව නිකුත් කර ඇති ගැසට් පත්‍රයේ යම් සංශෝධනයක් සිදුකළ යුතු බවයි.

අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මේ බව කියා සිටියේ අද (20) පාර්ලිමේන්තුවේ දී රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය විසින් අසන ලද පැනයකට පිළිතුරු ලබාදෙමින්.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඒ අනුව සංශෝධනය සිදුකළ වහාම ඊළඟ සති දෙක තුළ එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිත බවයි.

2019 සහ 2020 7,400ක් මේ වනවිට වෙබ් අඩවියේ සියලුම නාමලේඛන දැනුම්දීලා තියෙනවා. විද්‍යාපීඨ 19 සඳහා ඒ අයව ලියාපදිංචි කරලා තියෙනවා. දෙවන වසරේ අයගේ විභාගය අවසන් වෙලා උත්තරපත්‍ර සමීක්ෂණය යනවා. ඒක අවසන් වූ වහාම ඔක්තෝබර් මාසයේ මුල වෙද්දි මේ සියලුදෙනා පීඨ 19ට ඇතුළත් කරගැනීමට සියලු කටයුතු සකස් කරලා තියෙනවා. ගුරු අධ්‍යාපනඥ සේවයේ කණ්ඩායම් දෙකක් ඉන්නවා. ඔවුන් සමග ලේකම්තුමා සාකච්ඡා කරලා ප්‍රතිපත්තිමය තීන්දුවකට ඇවිත් තියෙනවා. අනිත් එක තමා 2021 කණ්ඩායම ගැසට් එක නිකුත් කරන්න දැන් කටයුතු කරගෙන යනවා. කලින් නිකුත් කළ ගැසට්වල අවුරුදු 3ක් කලින් තිබුණ දත්ත මත තමා බඳවා ගැනීම් කළේ විෂයන් වර්ග අනුව. මෙය නිවැරදි නෑ. ඒ නිසා ගැසට් නිවේදනයේ යම් සංශෝධනයක් කරන්න තියෙනවා. ඊළඟ සති දෙක තුළ ගැසට් නිවේදනය නිකුත් වෙයි.

ReeCha