ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්..!

Ministry of Education Sri Lanka
By Sewvandhi Dec 28, 2022 03:47 PM GMT
Sewvandhi

Sewvandhi

Report
125 Shares

අධ්‍යාපන අමාත්‍යාංශය,මෙම වර්ෂය තුළදී විවිධ හේතු මත තමාගේ නිත්‍ය සේවා ස්ථානය වන පාසල්වලින් බැහැරව ලබන 31 වන දින දක්වා වෙනත් පාසල්වල සේවය කරන ගුරුවරුන්‍ගේ අනුයුක්තය දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ එම ගුරුවරුන්ට ඉදිරියේදී මාරු මණ්ඩල මගින් ස්ථාන මාරුවීම් ලබාදෙන තෙක් 2022 පාසල් අධ්‍යයන වර්ෂය අවසන් වන ලබන වසරේ මාර්තු මස 24 වනදා දක්වා ඔවුන්ගේ අනුයුක්තය දීර්ඝ කෙරෙන බවය.

ඒ අනුව ලබන 31 වනදා දක්වා අනුයුක්තව සිටින ගුරුවරුන් සම්බන්ධයෙන් නැවත ලිපියක් නිකුත් නොකරන බවද සදහන් වෙයි.

එම නිවේදනයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරන්නේ පසුගියදා මීට අදාලව නිකුත් කර ඇති ලිපියම ලබන වසරේ මාර්තු 24 වනදා දක්වා බලාත්මක වන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha