යළිත් පාස්පෝට් නෑ - පාස්පොට් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..!
Department of Immigration & Emigration
Passport
Latest Headlines
By Sewvandhi
මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව මේවනවිට ඇති හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් විදේශ ගමන්ත බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුව ඇති බවයි.
එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව දැනුම් දී ඇත්තේ. එම නිවේදනයේ සඳහන් වන්නේ,ඉලෙක්ට්‍රොනික විදෙස් ගමන් බලපත්‍ර තොගයක් ඇණවුම් කර ඇති බවත් එම තොගය ඔක්තෝම්බර් මස අගදී ලැබීමට නියමිත බවයි.
අන්යාවශ්යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන මෙන් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද අමාත්‍යාංශ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
අදාල නිවේදනය පහතින් දැක්වෙනවා.