නව ගුරු පත්වීම් 26,000 ක් ඉදිරි සති කිහිපයේ..ඇමතිගෙන් දැනුම්දීමක්.. ‍

Ministry of Education Provincial Council A D Susil Premajayantha Ceylon Teachers Service Union Education
By Aruna Jul 09, 2023 04:09 AM GMT
Aruna

Aruna

Report

ඉදිරි සති කිහිපය තුළ ගුරු-විදුහල්පති හිඟයට විසඳුම් ලබාදීමට රජය සැලැසුම් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ගුරු මාරුවීම් සම්බන්ධයෙන් ද පළාත් මට්ටමින් සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව නුවරඑළිය ප්‍රදේශයේ දී මාධ්‍යය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා,

"අපි ළඟදිම පළාත් මට්ටමින් සාකච්ඡා තියෙනවා. මම දැන් වයඹ පළාතේ පටන් ගන්නවා.

ඊට පස්සේ ඌව ඒ ආදී පළාත් මට්ටමින් සම්පූර්ණ දිනයක වැඩසටහනක් සංවිධානය කරනවා පළාත් සභාවත් එක්ක.

මොකද මේ තියෙන පාසල්වලින් 95%ක්ම තියෙන්නේ පළාත් සභාවේ පාසල්. ඊළඟට අපි හොඳින්ම දන්නවා ගුරු හිඟය කියන එකත් තියෙනවා.

විදුහල්පති හිඟයකුත් තියෙනවා. අපිට ගුරුවරු 26,000ක් බඳවාගන්න අවශ්‍යයි. ඒ අතර දෙමළ ගුරුවරුත් ඉන්නවා. සිංහල ගුරුවරුත් ඉන්නවා.

අපි ඊළඟ සති කිහිපය තුළ අධිකරණයේ තිබෙන නඩු ටික අවසන් කරලා. ගුරුවරු බඳවාගැනීමට කටයුතු කරනවා.

ඉතාම කඩිනමින් පුහුණු කරලා මේ ගුරුවරු ලබාදෙන්න. අනික් පැත්තෙන් ගුරු මාරුවීම්වලදී වෘත්තීය සමිති එකක් සාකච්ඡා කරලා.

ඒ පළාත්වලට ගැලපෙන පරිදි ආකාරයට සකස් කරගැනීමේ ක්‍රමවේදයකට අපි යනවා."

ReeCha