පාසල් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ.

Sri Lanka Education School New guidelines for schools
By Aruna Nov 19, 2021 05:25 AM GMT
Aruna

Aruna

Report

ලබන සතියේදී ආරම්භ කිරිමට නියමිත පාසල් වල සෙසු ශ්‍රේණි සඳහා අදාල මාර්ගෝපදේශ මේ වනවිට නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ සිසුවෙකුට කොවිඩ් ආසාදනය වුවහොත් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැක්වෙන මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත් කිරිමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර පවතින වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ළමුන් ප්‍රවාහනය කිරිම සඳහා අතිරේක සිසු සැරිය බස් ධාවනය සදහා යෙදවිමට ඩිපෝ කළමනාකරුවන් වෙත උපදෙස් ලබාදී ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ පැවැති සිසු සැරිය බස් රථ සංඛ්‍යාවට අමතර තවත් බස් රථ කිහිපයක් සඳුදා දිනයේ සිට ධාවනයට යොදවන බවයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha