මංගල උත්සව යළිත් කල් දමයි..?කේෂ්ත්‍ර රැසක මාර්ගෝපදේශ ගැන යළිත් තීරණයක්..

COVID19 KEHELIYA RABUKWELLA HEALTH MINISTER GUILDLINES WEDDING CEREMONEY
By Sewvandhi Nov 25, 2021 01:58 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරට අවුරුදු 20 ට වැඩි සියලු පුරවැසියන්ට බූස්ටර් එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිඛෙනවා. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මේ සඳහා වන වැඩපිළිවෙල සකස් කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේ.

මේ වන විට අවුරුදු 60 ඉක්මවූ පුරවැසියන් සහ කොවිඩ් මර්ධන ඉදිරි පෙළ කණ්ඩායම් සඳහා බූස්ටර් එන්නත ලබා දීම ආරම්භ කර ඇති අතර පුද්ගලයින් 380,000 වැඩි පිරිසක් ඊයේ දිනය වනවිට බූස්ටර් එන්නත ලබාගෙන තිබෙනවා.

මේ අතර මංගල උත්සව , සිනමාශාලා , ආපනශාලා , හෝටල් සංකීර්ණ සහ උත්සව සංවිධානය ආදී ක්ෂේත්‍ර සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සාමාන්‍ය පරිදි වහා යළි ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිඛෙනවා.

කෙසේ වෙතත් හෙට (26) දිනයේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ පිළිබද අවසන් තීරණය ප්‍රකාශයට පත් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW