අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සම්බන්ධයෙන් ගෙන ඇති නවතම තීරණය මෙන්න..

covid19 shavendra silva sathosa lasantha alagiyavanna essential goods
By Sewvandhi Sep 04, 2021 02:50 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාරිභෝගික කටයුතු සංශෝධන පනත එළඹෙන සඳුදා (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සැලසුම් සහගතව ඉහළ දමන සහ පාලන මිලට වැඩියෙන් භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින් සහ සමාගම් සම්බන්ධයෙන් කටයුතුකිරීම සඳහා එම පනත සංශෝධනය කරනු ලබන බවය.

පාරිභෝගික කටයුතු සංශෝධන පනතට අනුව තනි පුද්ගලයන් හෝ තනි පුද්ගල ව්‍යාපාර සහ සමාගම් ලෙස දඩ මුදල් පැනවීම කාණ්ඩ ගත කර තිබේ.

ඒ අනුව, තනි පුද්ගල ව්‍යාපාරයක උපරිම දඩ මුදල රුපියල් 20,000 සිට ලක්ෂ 10 දක්වා ඉහළ නංවා ඇත. සමාගමක උපරිම දඩය ලක්ෂ දෙකේ සිට කෝටිය දක්වාද ඉහළ දමා ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

තනි පුද්ගලයෙක් සඳහා පැවති අවම දඩය වූ රුපියල් 1,000 රුපියල් 100,000 දක්වා ඉහළ දමා ඇති අතර සමාගමක් සඳහා පැවැති අවම දඩය වූ රුපියල් 10,000 රුපියල් 500,000 දක්වාත් ඉහළ දමා තිබේ.

මේ අතර, ඊයේ දින නැවතත් ලබන 13වන දා දක්වා නිරෝධාන ඇඳිරි නීතිය පනවනු ලැබුවා..ඒ සම්බන්ධ නීති රීති හා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පැහැදිලි කිරීම පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha