ඇමති නාමල් හදිස්සියේම කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය (VIDEO)

sri lanka Namal Rajapaksha news politics
By Sithumi Jan 20, 2022 11:30 AM GMT
Sithumi

Sithumi

Report

ආණ්ඩුවේ සිටින අමාත්‍යවරුන්ගේ සිත් තුළ ඇති කරුණු කාරණා එළිමහනේ කතා කිරීම සුදුසු නොවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද (20) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

කැබිනට් මණ්ලයේ දී හෝ ආණ්ඩු පක්ෂයේ රැස්වීමක දී පමණක් තම අදහස් දැක්විය යුතු බවත් දේශපාලන නායකයින් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. ප්‍රශ්නය - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබතුමාට නොයෙකුත් චෝදනා එල්ල කරනවා. ඔබතුමා රජවෙන්න ඉන්නවා කියලා. "

මේ රටේ ජනතාව අපිට ඡන්දේ මේ එක එකාට රජවෙන්න නෙමෙයි. ඒ නිසා අපි ජනාධිපතිවරයෙක් පත්කර ගත්තා නම් ඒ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය අපි අනුගමනය කළ යුතුයි. අපි කවුරුත් තනි තනියෙන් රජවෙන්න උත්සහ නොකර ජනතාව රජකරවන්න උත්සහ කරොත් හොඳයි මේ අපහසු අවස්ථාවේ. මොකද ගෝලීය වසංගතයක් තියෙනවා. ලංකාවට ඒ වසංගතය බලපාලා තියෙනවා.

ගෝලීය ආර්ථික අවපාතයක් තියෙනවා. අපේ රටේ ආර්ථිකයට යම්කිසි බලපෑමක් ඇවිල්ලා තියෙනවා. මේ වෙලාවේ මං හිතන්නේ අපි එක එක්කෙනා රජවෙන්න දඟලනවා වෙනුවට අපිට ජනතාව ඡන්දේ දීපු කාරණා ඉෂ්ට කරොත් තමා මේ රටේ ජනතාව රජකරවන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පෞද්ගලික මතිමතාන්තර පැත්තක තියලා ජනතාවගේ අවශ්‍යතා ඉටුකරගන්න මැදිහත් වුණොත් හොඳයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now