ඔන්න ආයේ වැඩ වර්ජන කරන්න බෑ - මාලිමා ආණ්ඩුවෙන් අනතුරු ඇගවීමක්

Anura Kumara Dissanayaka Latest Headlines Nalinda Jayatissa Sinhala news NPP Government
By Ashfa Jul 19, 2025 10:55 AM GMT
Ashfa

Ashfa

Report

වැඩවර්ජන යනු කුමන ඉල්ලීම්වලට අදාළ වුවද, ඒවා බරපතල වරදක් ලෙස සැළකිය යුතු බව විශේෂයෙන් අවධාරණය කරමින්, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වෘත්තීය සමිති නායකයින් වෙත දැඩි අනතුරු ඇඟවීමක් කළේය.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (18) කොළඹදී පැවති උත්සවයකදී ය.

ආණ්ඩුව අස්වැසුමටත් කෙලින්න හදන්නේ - වැඩ කරන නැතුව කන්නමයි බලන් ඉන්නේ

ආණ්ඩුව අස්වැසුමටත් කෙලින්න හදන්නේ - වැඩ කරන නැතුව කන්නමයි බලන් ඉන්නේ

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ, “වැඩවර්ජන හේතුවෙන් අහිමි වන පැය 24 හෝ 48ක වැඩ ඵලදායිතාව යළි ලබා ගැනීම සඳහා සති ගණන් කටයුතු කළ යුතු වෙනවා.

"අනේ අයියෝ මේ පපුවේ අමාරුකාරයෙක් ගහන්න එපා " දෙනෝදාහක් බලන් ඉද්දි කරපු අපරාදේ

"අනේ අයියෝ මේ පපුවේ අමාරුකාරයෙක් ගහන්න එපා " දෙනෝදාහක් බලන් ඉද්දි කරපු අපරාදේ

එබැවින් වීදි බැස විරෝධතා සහ වැඩවර්ජන පවත්වා ගැටලු විසඳිය නොහැකි බව වෘත්තීය නායකයින් තේරුම් ගත යුතුය” යැයිය. එමෙන්ම, වැඩවර්ජනවලට වඩා සාකච්ඡා මාර්ගය මඟින් විසඳුම් සෙවීම වඩාත් ඵලදායී බවද ඔහු අවධාරණය කළේය.

“අපගේ ඉල්ලීම් සම්බන්ධයෙන් භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කළ යුතුය. ඒ සඳහා කාලයක් ගතවෙයි. එබැවින් වැඩවර්ජනවලට යාමට තරම් වටිනාකමක් නොමැති බව මම නැවතත් අවධාරණය කරනවා” යැයිද අමාත්‍යවරයා පැහැදිලි කළා.

මෙම ප්‍රකාශය වෘත්තීය සමිතිවල අවධානයට ලක්ව ඇති අතර, විශේෂයෙන්ම වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව විශාල විරෝධතා සහ වැඩවර්ජන හරහා බලයට පත්වූ පසුබිමක් සලකා බලන විට, මෙම නව මතවාදය ඉදිරි සාකච්ඡාවලට බලපෑමක් හැරවිය හැකි බවටද විචාර ඇසෙයි.

ReeCha