මහපොළ පනත සංශෝධනය වේ.සංශෝධිත සියලු කරුණු මෙන්න..

By Sewvandhi Nov 26, 2021 12:21 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනත සංශෝධනය කිරීමට අනුමැතිය හිමිවී තිබේ. මෙම අනුමැතිය හිමිවූයේ වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී ය.

මෙහිදී මෙම ( සංශෝධන) පනත් කෙටුම්පත මගින් කරුණු 03ක් ප්‍රධාන වශයෙන් සංශෝධනයට ලක් වෙයි.

  1. එනම් 1981 අංක 66 දරණ මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ලලිත් ඇතුලත්මුදලි ශිෂ්‍යත්ව අරමුදල ලෙස නම වෙනස් කිරීම,
  2. මහපොළ භාරකාර අරමුදලේ සභාපතිධූරය ජනාධිපතිවරයා විසින් නම් කරනු ලබන විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ සභාපතිත්වය යටතට පත් කිරීම සහ
  3. එම ආයතන පිළිබඳව පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීම යන සංශෝධන තුනය.

මේ අනුව ඉදිරි දිනකදී මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිතව තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

  

ReeCha