රට පුරා සංචරණය 90%ක් සීමා කරන්න..හෙට ගන්න යන තීරණය මෙන්න.

Curfew Sri Lanka Lock down Prasad kolabage
By Aruna Sep 02, 2021 03:36 AM GMT
Aruna

Aruna

Report

රට වසා දැමු පමණින් කොරෝනා ආසාදිතයන් හෝ මරණ අඩු නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි විධායක සභික ප‍්‍රසාද් කොළඹගේ මහතා පෙන්වා දෙන්නේ සංචරන සීමා රැකගැනීම ජනතාවගේ ද ඉහළ වගකීමක් බවයි.

රට වසා දැමීම සහ සංචරණ සීමා කිරීම දෙකක් බවත් රට වසා දැමීම වැදගත් නමුත් ඉන් සංචරණ සීමා නොවන්නේ නම් එම ලොක්ඩවුන් කිරීමෙන් ඵලක් නැති බව ද ඒ මහතා කියා සිටියි.

ලොක්ඩවුන් කිරීමක් හරහා සංචාරන 90%ක් වත් සීමා විය යුතු බවද ඔහු පෙන්වා දෙයි.

දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය පැනවීම තුළ ද ඇතැම් ප්‍රදේශවල ද බලාපොරොත්තු වන සංචරණ සීමා කිරීම සිදු වුවද තවත් ප්‍රදේශවල එය සිදු නොවන බවද ඔහු පැවසීය.

මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධ තීරණය හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියාසිටියේ කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙන අතර එහිදී මෙම තීරණය ගැනීමට නියමිත බවයි.

කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පණවනු ලැබුවේ පසුගිය අගෝස්තු 20 වැනිදායි. එය අවසන්වීමට නියමිතව ඇත්තේ ලබන සඳුදා අලුයම 04 ටයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha