රුසියාවෙන් යුක්‍රේනයේ හදිසි මැතිවරණයක් කැඳවයි..
Russo-Ukrainian War
Ukraine
World
Russia
By Hashini
රුසියාව විසින් යුක්‍රේනයේ අල්ලාගත් ප්‍රදේශවල මැතිවරණයක් ආරම්භ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රුසියාව මෙලෙස මැතිවරණයක් පවත්වන්නේ සමස්ත යුක්‍රේනයෙන් පහෙන් එකක කොටසක් අත්පත් කර ගෙන ඇති පසුබිමක බවයි.
රුසියාවේ නව ප්‍රදේශ ලෙස සැලකෙන ඩොනෙට්ස්ක්, ලුහාන්ස්ක්, සපොර්ෂියා සහ කර්සන් යන ප්‍රදේශවල මෙලෙස ප්‍රාදේශීය මැතිවරණයක් පැවැත්වෙන බව වාර්තා වෙනවා.
මෙම ප්‍රදේශවල සම්පුර්ණ බලය රුසියාව සතු නොවුනද රුසියානු ප්‍රාදේශීය බලධාරීන්ගේ පාලනය යටතේ අදාළ ප්‍රදේශවල ජනතාවට රුසියානු ගුවන් බලපත්‍ර ලබා දීමට පියවර ගෙන තිබෙනවා.
