ගෑස් සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගමෙන් විශේෂ පණිවිඩයක්..

Sri Lanka Litro Gas
By krishani Jul 05, 2022 04:33 AM GMT
krishani

krishani

Report

හෙට(06) දින මෙරටට පැමිණීමට නියමිතව තිබූ ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් අඩංගු නෞකාව තවත් දින 3කින් ප්‍රමාද වන බවත් එම නෞකාව එළඹෙන 9 වන දා මෙරටට පැමිණීමට නියමිතව ඇති බවත් ලිට්‍රෝ සමාගම පවසයි.

එසේම තවත් ගෑස් අඩංගු නෞකා දෙකක් එළඹෙන 11 සහ 16 වනදා මෙරටට පැමිණීමට නියමිතව ඇති අතර ලෝක බැංකුව සමග ලිට්‍රෝ සමාගම ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්වීමට ගිවිසුමක් අත්සන් කර ඇති අතර ඊට අදාළවයි මෙම ගෑස් තොග මෙරටට පැමිණෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join