ඔබත් මේ ප්‍රදේශ වලද..වහාම දැනුවත්වන්න..හදිසි නිවේදනයක්..!
පවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක තුනක් සඳහා පූර්ව නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, ඇල්පිටිය, නාගොඩ, යක්කලමුල්ල යන ප්‍රදේශ සඳහාත් කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, මතුගම මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර යන ප්‍රදේශ සඳහාත් මේ අනුව නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
අද (16) පස්වරු 7.30 සිට හෙට පස්වරු 7.30 දක්වා වූ කාලය තුළ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය වලංගු බව ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය පවසයි.
එනම්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ජනතාවට මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
එම ප්‍රදේශවලට ඉදිරි පැය 24 තුළ මි. මී 100 ඉක්මවූ තද වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු අනතුරු අවම කරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාව හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල මෙම තත්ත්වය හටගෙන තිබේ.