නායයෑම් අධි අවදානම් තැන් 15,000ක් හඳුනාගනී
නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන15,000ක් පමණ මේ වනවිට හඳුනාගෙන තිබෙන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.
තව දුරටත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සදහන් කර ඇත්තේ එම ස්ථානවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් නැවත පදිංචි කර ඇති බවයි.
එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සදහන් කළේ අවදානම් ස්ථානවල සිටින ජනතාව අනිවාර්යයෙන්ම එම ස්ථානයන්ගෙන් ඉවත් විය යුතු බවය.
ඒ වගේම ආචාර්ය වසන්ත සේනාධීර මහතා වැඩිදුරටත් සදහන් කළේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කිරීමෙන් පසු ප්‍රාදේශීය ලේකම් හරහා දිස්ත්‍රික් ලේකම් ඔස්සේ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය වෙත ලැබෙන සිදුවීම් ප්‍රමුඛතා ලැයිස්තුවක් මත අධ්‍යයනය කරන බවයි.