මළත් නඩු අහනවා, හිටපු අමාත්‍ය සාලින්ද දිසානායකට එරෙහි ඉඩම් වංචාව ඉදිරියෙදී විභාගයට
ඉකුත් 2019 දී අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය සාලින්ද දිසානායක මහතාට විරුද්ධව ඇති ඉඩම් වංචා චෝදනා පිළිබඳ නඩුව ඉදිරියේදී ඉක්මනින් විභාග කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ පාලන සමයේ සාලින්ද දිසානායක මහතා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කර ඇත.
එම කාලය තුළදී ඔහු තම බිරිඳගේ ප්‍රධානත්වයෙන් යුත් ගොවි සමුපකාර සංවිධානයකට රජයට අයත් අක්කර 76ක ඉඩමක් දිගුකාලීන බද්දක් මත ලබා දී ඇති බව සඳහන්.
එසේම අඳාළ ඉඩම රජයෙන් රුපියල් කෝටි පහක වියදමකින් ප්‍රතිසංස්කරණය කර තිබූ අතර එය බද්දට ද ලබා දී ඇති බව සඳහන්.
තත්ත්වය එසේ වුවද බද්ද ලබා දුන් දින සිට මේ වන තෙක් එම කෘෂිකාර්මික සමුපකාර සංවිධානය මඟින් රජයට බදු මුදල් වශයෙන් කිසිදු මුදලක් ගෙවා නැති බව සඳහන්.

ඩඩ්ලිගේ "සුදු අරලිය" නිසා වැස්ස තිබ්බත් නැතත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් ඇරේ - ඉන්ද්‍රානන්ද
එබැවින් මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති අතර වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවයි.
මේ අතර මෙම ඉඩම් ගැටලුවට සම්බන්ධ සාලින්ද දිසානායක මහතාගේ බිරිඳ වන මංජුලා දිසානායක මහත්මිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජය සමයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කළ බව සඳහන්.
