කොටගල ප්‍රාදේශීය සභාවේ අයවැය සම්මතයි
කොටගල ප්‍රාදේශීය සභා 2026 වසර සඳහා අයවැය සියලුම පක්ෂවල සාමාජිකයින්ගේ සහයෝගය ඇතිව සම්මත වී තිබේ.
මෙහි මුළු සාමාජිකයින් 16 දෙනෙකු සිටී.
එම සාමාජිකයින් අතර ට කොටගල ප්‍රාදේශීය සභාවට ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයින් 5 දෙනෙකු, ජාතික ජනතා බලවේගයේ සාමාජිකයින් 5 දෙනෙකු, එක්සත් ජනතා බලවේගයේ සාමාජිකයින් 4 දෙනෙකු, ඇනා චන්ද්‍රසේකරන් පෙරමුණේ සාමාජිකයෙකු සහ ඊරෝස් හි සාමාජිකයෙකු ඇතුළත් වේ.
ඊයේ දින අයවැය ඉදිරිපත් කළ විට, සියලු දෙනා අත්පොළසන් දී සහයෝගය පළ කළ බව වාර්තා වේ.
2026 වසර සඳහා සභාවේ ඇස්තමේන්තු ගත අපේක්ෂිත ආදායම රු.178,777,231ක් බවත්, වියදම රු.178,775,268ක් බව රැස්වීමේදී ප්‍රාදේශීය සභා සභාපති රාජමනී ප්‍රශාන්ත් මහතා ප්‍රකාශ කර තිබේ.
තවද එහි සභාපතිවරයා සදහන් කළේ එම අපේක්ෂිත ආදාමෙන් රු.31,700,000ක මුදලක් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සෞඛ්‍ය සදහා වෙන් කර ඇති බවයි .