බියක් නැති කරන්න ක්‍රියාවෙන්ම ඔප්පු කළ ජපාන අගමැති - මාළු කාලම පෙන්නයි..

Japan
By krishani Aug 31, 2023 01:09 PM GMT
krishani

krishani

Report

Okuma න්‍යෂ්ටික බලාගාරයෙන් ජලය මුදා හැරීමෙන් පසු ඇති වූ බිය සමනය කිරීමට ජපාන අගමැති Fumio Kishida ෆුකුෂිමා මාළු ප්‍රසිද්ධියේම අනුභව කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ වෙරළට ඔබ්බෙන් අල්ලා ගත් මාළුන් මෙලෙස ආහාරයට ගෙන ඇත්තේ.

ජනතාවට එය ආරක්ෂිත බව ඔප්පු කිරීම සඳහා ජපන් අගමැති විසින් මෙලෙස මාළු ආහාරයට ගන්නා ආකාරය රූගත කර තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් ජපානයේ ධීවර කර්මාන්තයේ බොහෝ දෙනෙක් කනස්සල්ලට පත්ව සිටියේ එය රටේ මුහුදු ආහාරවල දේශීය හා විදේශීය කීර්ති නාමයට කුමක් වෙයි ද යන්නයි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ මෙම විකිරණශීලි ජලය මුදාහැරීමෙන් පසු ජපානය සිය විශාලතම මාළු වෙළඳපොල වන චීනයට මුහුදු ආහාර ආනයනය සඳහා වූ තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ඇති බවයි.

මේ අතර ජපාන අගමැති ප්‍රමුඛ ජපාන රජය ධීවර කර්මාන්තය සඳහා මූල්‍ය ආධාර පැකේජයක් ලබාදීමට ද සැලසුම් කරමින් සිටියි.

කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණ ආයතනයට අනුව මුදා හරින ජලය ආරක්ෂිත බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා වන රෆායෙල් ග්‍රෝසි මහතා සඳහන් කළේ ය. 

ReeCha