නිවසක් කොල්ලකෑමට ගොස් එලිවෙන තුරුම නින්ද ගිය සොරුන්..

Sri Lanka Police Jaffna Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Oct 26, 2022 02:18 PM GMT
Sewvandhi

Sewvandhi

Report

 නිවසක් කොල්ලකෑ දෙදෙනෙක් නිවසේ කිසිවෙකුත් නොමැති හෙයින් එහි විවේක ගැනීමත් සමග පසුදින නිවෙස්හිමියා පැමිණෙන තෙක් නින්දයෑමේ සිද්ධියක් වාර්තා විය. යාපනය, වට්ටුක්කෝට්ටෙයි පොලිස් වසමට අයත් මූලෙයි - වේරම් ප්‍රදේශයේ නිවසක් තුළ මෙම සිද්ධිය සිදුවී තිබේ.

සොරකම් කිරීම සඳහා එම නිවසට ඇතුළුවූ කොල්ලකරුවන් එහි කිසිඳු පුද්ගලයෙක් නොමැති බව දැනගැනීමෙන් අනතුරු නිවසේ ආහාර පිසිමින් සහ විවේක ගනිමින් කාලය ගතකර ඇත. පසුව ඔවුන් මත්පැන් පානයකර ඇති අතර ඒ හේතුවෙන් පසුදින අලුයම වනතෙක් ඔවුන්ට නින්දගොස් තිබේ.

ඒ අනුව අද (26) උදෑසන නිවෙස්හිමියා නිවසට පැමිණීමෙන් පසු නිවෙස තුළ නිදාසිටින කොල්ලකරුවන් දැක ඇත. පසුව ඔහු අසල්වාසීන්ගේ උදව් ඉල්ලීමත් සමග කොල්ලකරුවන් නිවසෙන් පැනගොස් ඇති අතර එහිදී එක් කොල්ලකරුවෙකුව ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන තිබේ.

සැකකරුව පොලීසියට භාරදීමෙන් අනතුරුව ඔහුගේ අනන්‍යතාව හෙළිකරගෙන ඇති අතර සැකකරු මූලෙයි - වේරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පළාගිය අනෙක් පුද්ගලයා සුන්නාගම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද හෙළිවී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha