ගිනි අවි සමඟ සිසුන්ට උගන්වන්න ආ උපදේශකවරයෙක් ඇතුළු 4ක් බදුල්ලේදී කොටුවෙයි.
Sri Lanka
Education
Badulla
Police arrested
By Aruna
බදුල්ල - හාලිඇල ප්‍රදේශයේ පාසලක සිසුන්ට මනෝවිද්‍යා වැඩසටහනක් පැවැත්වීම සඳහා පැමිණි උපදේශකවරයෙකු සහ ඔහුගේ ආරක්ෂකයින් 3 දෙනෙකු වායු රයිෆලයක්, ඊට යොදන උණ්ඩ 129ක් සහ ගමන් කථන 3ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, කළු පැහැති ඇඳුමින් සැරසී සිටි මෙම පුද්ගලයින් සතුව ගිනි අවියක් ඇති බවට හාලිඇල පොලිසියට ඊයේ තොරතුරක් ලැබී ඇති බවයි.
පසුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අදාළ විද්‍යාලයට ගොස් විමර්ශන සිදු කරන අවස්ථාවේ, අනාවරණ වී ඇත්තේ, පළාත් අධ්‍යාපන අධ්‍යක්වරයාගේ හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය මෙම වැඩසටහනට ගෙන නොමැති බවටයි.
එමෙන්ම අදාළ උපදේශකවරයා කිසිදු ලියාපදිංචි ආයතනයක හෝ එලෙස වැඩසටහන් පැවැත්වීම සඳහා සුදුසුකම් ලද්දෙකු නො වන බවටද අනාවරණ වී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
