මිනිස් ජීවිතත් යොදාගෙන මොකක්ද මේ කරන්න හදන අලුත්ම අත්හදාබැලීම..

India Astrology Technology Latest Headlines
By Sewvandhi Aug 17, 2024 03:09 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්දියාව මිනිසුන් රැගත් රොකට්ටුවක් අභ්‍යවකාශගත කිරීම සඳහා සූදානමින් සිටිනවා.

සැලසුම් කර තිබෙන්නේ, එම යානය ගගනගාමීන් තිදෙනෙකු සමග 2025 වසරේදී දියත් කිරීමටයි.

ඊට පෙර "ගගන්යාන්" නමින් මිනිසුන් රහිතව පර්යේෂණ මට්ටමේ රොකට්ටුවක් අභ්‍යවකාශගත කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙහෙයුම යටතේ මෙට්‍රික්ටොන් 5.3ක බර අභ්‍යවකාශ යානයක් දින 7ක් පුරාවට පෘථිවි කක්ෂයේ රඳවා තැබීමට නියමිත බවද වාර්තා වනවා.

G1 ලෙස හඳුන්වන එම රොකට්ටුව ලබන දෙසැම්බර් මස තුළ අභ්‍යවකාශගත කිරීමට නියමිත බවයි ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය (ISRO) දැනුම් දෙන්නේ.

ReeCha