ඉන්දීය ආරක්ෂක ඇමති ලංකාවට
ඉන්දියාවේ මධ්‍යම ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ඉදිරි සති අන්තයේදී දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරනවා.
පර්යේෂණ නෞකාවක සංචාරයට අවසර දෙන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය චීනයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් සිටින අවස්ථාවක ආරක්ෂක අමාත්‍යවරයාගේ පැමිණීම සිදුවීමට නියමිතව ඇත.
2022 ජනවාරි මාසයේදී අත්සන් තැබූ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගිවිසුම අනුව සංවර්ධනය වන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයද මෙහිදී නිරීක්ෂණය කිරීමට නියමිතය.
Shiyan-6 පර්යේෂණ නෞකාව ඔක්තොම්බර් මාසයේදී ලංකාවට පැමිණීමට නියමිත අතර, පසුගිය සතියේදී විදේශ අමාත්‍යංශය චීන තානාපති කාර්යාලයෙන් එම නෞකාවට පැමිණීමට අවසර දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.
'යුවාන් වැන්ග් -5' චීන යාත්‍රාව පැමිණීමෙන් වසරකට පසුව මෙම නෞකාව පැමිණීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
