වාහන ආනයනය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්.
Ranjith Siyambalapitiya
Sri Lanka Politician
Sri Lanka
Economy of Sri Lanka
By krishani
වාහන ආනයන තහනමෙන් පසුව විශේෂ කටයුතු සදහා පමණක් වාහන 6900 කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට රැගෙන ඒම සදහා අවසර ලබා දී තිබෙනවා.
ඒ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ ය.
2020 වසරේ දී ආනයනය සීමා පැනවීමෙන් පසුව එම වාහන ද මෙරටට රැගෙන ඒමට කටයුතු කර ඇති බව ඒ මහතා කියා සිටියේ ය.
ඒ යටියන්තොට ප්‍රදේශයේ දී ඊයේ (30) මාධ්‍ය වෙත අදහස් දැක්වමින් ය.
එහිදී අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති පරිදි ආනයන සීමා පනවා ඇති කාලවකවානුව තුළ වංචනික ආකාරයෙන් වාහන 5000ක් පමණ ආනයනය කර ඇති බවට පල වු වාර්තා පිළිබඳව ද අමාත්‍යවරයා අදහස් දැක්වීය.
