මිනිස් ඇටසැකිල්ලක් හමුවෙයි..ලඟ තිබූ දෙයින් කාන්තා අභිරහසක් හෙළිවෙයි..

Police human-skeleton-found Karuwalagaswewa
By Aruna Nov 25, 2021 05:42 AM GMT
Aruna

Aruna

Report

කරුවලගස්වැව පොලිස් වසමේ එගොඩපිටිය, පහළවැව ප්‍රදේශයේ කැලෑවක් තුළ මිනිස් ඇටසැකිල්ලක් ඇති බව බවට පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇති අතර, මියගිය අයගේ ඇටසැකිල්ලක්, පාවහන් යුගලක් හා පිහියක් සොයාගෙන ඇත.

එම පාවහන් යුගල සහ පිහිය 2021.10.23 වන දින අතුරුදන්ව සිටි කාන්තාවක් දර කැඩීම සඳහා රැගෙන ගිය පිහිය බවත් ඇය අතුරුදන් වන අවස්ථාවේ පැලඳ සිටි පාවහන් යුගල බවටත් ඥාතීන් විසින් හඳුනාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධ පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා මිනිස් ඇටසැකිල්ල පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් ඇත.

කරුවලගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now