හිරුණිකා ගැන පොලීසියෙන් කළ ඉල්ලීමට අධිකරණයෙන් ලැබුණු ප්‍රතිචාරය

Sri Lanka Hirunika Premachandra Sri Lankan political crisis
By Sewvandhi Aug 05, 2022 12:10 PM GMT
Sewvandhi

Sewvandhi

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරන මෙන් පොලීසිය විසින් කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. ඒ පසුගියදා ජනාධිපති මන්දිරය අසල කලහකාරී ආකාරයෙන් හැසිරුණු බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

පසුගිය මස 06 වනදා ජනාධිපති මන්දිරය අසල කලහකාරී අයුරින් හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස පොලිස් ඇප මත මුදාහැරීමට එහිදී පොලීසිය කටයුතු කර තිබුණි. ඉන් අනතුරුව එම සිද්ධියට අදාළ පැමිණිල්ල අද (05) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ කැඳවූ ලැබූ අවස්ථාවේදී පොලීසියේ නිලධාරීන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පුද්ගලයින් මෙම සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.

එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ තර්ක කළේ පොලීසිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ආකාරය නීතියට පටහැනි බවය.

ඒ අනුව අදාළ පුද්ගලයින් සැකකරුවන් වශයෙන් නම් කිරීමට කරනු ලැබූ ඉල්ලීම කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රතික්ෂේප කළේය. මීට අදාළව විධිමත් ආකාරයෙන් විමර්ශන සිදුකොට ලේඛන සහිතව ඉල්ලීම් කරන ලෙසත් මෙහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් පොලීසියට පෙන්වා දී තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now