හෙරොයින් ජාවාරමක මහ මොළකරු හඳුනාගැනේ(VIDEO)

heroine weligama dikwella kotagoda harak kata
By Sewvandhi Jun 15, 2021 01:26 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වැලිගම මුහුදු තීරයේ දී පසුගිය ඉරිදා (13) හෙරොයින් කිලෝග්‍රෑම් 220ක් සමඟ අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දින 07ක් රඳවා තබාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

ඒ අදාල සැකකරුවන් 11 දෙනා ඊයේ (14) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මේ අතර මෙම ජාවාරමට අදාල තවත් සැකකරුවන් දෙදෙනෙක් දික්වැල්ල සහ කෝට්ටේගොඩ ප්‍රදේශවලදී ඊයේ (14) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.

ඔවුන් දෙදෙනා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ආධාර අනුබල දුන් දෙදෙනෙකු බවට අනාවරණය කරගෙන තිබෙනවා.

නදුන් චින්තක හෙවත් 'හරක් කටා' යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මෙම ජාවාරම එක්සත් අරාබි එමීර් රජයේ ඩුබායි සිට මෙහෙයවා ඇති බවට පොලිසිය මේ වනවිට කරුණු අනාවරණය කරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now