ළමුන් අනතුරේ..? සෞඛ්‍ය අංශ දෙමව්පියන්ට අනතුරු අගවයි.
Ministry of Education
Ministry of Health Sri Lanka
By Sithumi
මාස 2 කට පෙර
ළමුන්ගේ අසාමාන්‍ය හැසිරීම් සම්බන්ධයෙන් දෙමව්පියන් විශේෂ අවධානයක් යොමුකළ යුතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරනවා. ළමුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ජී.විජේසූරිය මහතා සදහන් කළේ.
පාසල් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය අලෙවි කිරීම් වාර්තාවන බවත් දරුවන් මේ කෙරෙහි යොමු වීමක් ද හඳුනා ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් සදහන් කළා.
මේ හේතුවෙන් දරුවාගේ හැසීරිම් රටාවන් පිළිබඳ අවධානය යොමු කරන ලෙසත් , දරුවන්ගේ නිදිබර ස්වභාවයන් හෝ වෙනදාට වඩා වෙනස් දිනචර්යාවන් පවතී නම් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසත් ඔහු දෙමාපියන්ට අවධාරණය කරනු ලැබුවා.
අන්තර්ජාලය ද සිදුවන මෙවැනි ක්‍රියාකාරකම් කෙරෙහි අවධානයෙන් පසුවන ලෙසද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ජී.විජේසුරිය මහතා පෙන්වා දුන්නා.