වැස්සත් ජලාශවල ජල ධාරිතාව වැඩි වී නැහැ.
Sri Lanka
Water Board
By Hashini
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට තැනින් තැන වැසි ලැබුණත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශවල ජල ධාරිතාව මෙතෙක් වැඩිවීමක් සිදුවී නොමැති බවයි.
ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඉංජිනේරු සුදර්ශනී විදානපතිරණ මහත්මිය සඳහන් කළේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73 හි ජල ධාරිතාව අක්කර අඩි ලක්ෂ 8 ක් පමණ බවයි.
එය ජලාශවල පැවතිය යුතු ජල ධාරිතාවෙන් 27% කි.
ඇය වැඩිදුරටන් සඳහන් කළේ, ජලාශවල ජල ධාරිතාවේ වෙනස් වීම අධ්‍යයනය කිරීමක් මේ වනවිට සිදු කර ඇති බවත් මේ දිනවල පැවතිය යුතු ජල ධාරිතාවේ සාමාන්‍යයට වඩා 3% ක අඩු ජල ධාරිතාවක් දැනට ජලාශවල පවතින බවත් ය.
