මාරාන්තික උපවාසයක නිරතවූ නගරාධිපති එරාජ් ප්‍රනාන්දු හදිසියේම රෝහල්ගත කෙරේ

Mayor Eraj Fernando Hamabanthota salt company
By Sewvandhi Jan 14, 2022 11:30 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු රෝගී තත්ත්වයක් හේතුවෙන්, හම්බන්තොට රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ඔහු ඇතුළු පිරිසක් හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපතිවරයා ඉවත් කරන ලෙස පසුගිය 11 වනදා මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබුණා.

මෙලෙස උපවාසයේ යෙදී සිටින අතරතුර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් වෛද්‍ය උපදෙස් මතයි ඔහු රෝහල් ගත කර තිබෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now