ගාසාවේ හදවත උදුරා ගනී - ඇඟ කිලිපොලා යන භයානක යුද්ධයක අවසානය ද?. අති භයංකර හෙළිදරව්වක් ඒ අතර..

Israel Death Palestine Bomb Blast Israel-Hamas War
By krishani Nov 08, 2023 01:33 PM GMT
krishani

krishani

Report

මේ වන විට ගාසා තිරයේ හදවත බඳු ගාසා නගරයේ පාලනය තම භට පිරිස් විසින් නතු කරගෙන සිටින බව ඊශ්‍රායල ආරක්ෂක අංශ නිවේදනය කළේ ය.

එමෙන්ම මේ වන විට ගාසාවේ යුද ගැටුම් තීව්‍ර ස්භාවයක් ගෙන ඇත්තේ ඊශ්‍රායල හමුදා සිදුකරන ගොඩ බිම් ප්‍රහාර දැඩි කිරීම හේතුවෙන් ය.

මාසයකට වැඩි කාලයක් පුරා ක්‍රියාත්මක ගාසා තීරයේ යුද ගැටුම් පැවති අතර  මිය ගිය පිරිස 10,300ක් වේ.

ඉන් 4200ක් කුඩා දරුවන් වන අතර ගාසා තීරයේ දිනකට ළමුන් 160ක් මිය යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසීය.

මේ අතර මේ වන විට ගාසා තීරයේ ළමුන් 4200ක් පමණ මිය ගොස් තුවාල ලැබු ළමුන් ගණන 10,000කට අධික බව අශ්රෆ් අල්- කුවාද්රා - ගාසා සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රකාශක සඳහන් කළේ ය.

ඒ අනුව ගාසා තීරයේ සෑම මිනිත්තු 10කට වරක්ම ළමා ජීවිතයක් අහිමි වී යයි.

එම ප්‍රහාර වලට ගොදුරු වූවන්ගෙන් 70%ක්ම කාන්තාවන් සහ දරුවන් වේ.

කෙසේ වෙතත්, ඒ අනුව අද මුළු ගාසා තීරයම කාන්තාවන්ගේ සහ දරුවන්ගේ සුසාන භූමියක් වී ඇත.

ReeCha