ශිෂ්‍යත්ව විභාගය හෙටයි - එහි විශේෂ වෙනසක්..

Department of Examinations Sri Lanka Grade 05 Scholarship examination
By krishani Dec 17, 2022 03:43 AM GMT
krishani

krishani

Report

2022 වසර පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (18) පෙරවරුවේ දී ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව හෙට දිනයේ දී ශිෂ්‍යත්ව විභාගය විභාග මධ්‍යස්ථාන 2894ක දී, අපේක්ෂකයින් 334,698 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර විභාගයේ දී විභාගය පැවැත්වීමේ ක්‍රමවේදය කිසියම් වෙනසක් ද සිදු කර ඇත.

ඒ අනුව සිසුන් හට සිය ශිෂ්‍යත්ව විභාගයේ දෙවැනි ප්‍රශ්න පත්‍රයට පළමුවෙන් ම පිළිතුරු සැපයීමට අවස්ථාව උදාවන අතර, පළමු ප්‍රශ්න පත්‍රය හිමිවන්නේ දෙවැනුවයි.

පෙර වසරවල මෙන් මෙවර සිසුන් කිසිවෙකුටත් විභාග ප්‍රවේශපත් හිමිගැන්වීමක් සිදු නොවුණු බවත්, විභාගය ආරම්භයේ දී පැමිණෙන සියලු ශිෂ්‍යයින්ගෙන් අත්සන පමණක් විභාග දෙපාර්තමේන්තුව විසින් ලබා ගැනුමට කටයුතු සම්පාදනය කර තිබීමත් විශේෂත්වයක් වේ.

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha