රාජ්‍ය සේවක වැටුප් අඩු කිරීමේ ඇත්ත නැත්ත මෙන්න - මුදල් අමාත්‍යංශ ලේකම්ගෙන් විශේෂ දැනුම්දීමක්..!

Government Employee Sri Lanka Government Of Sri Lanka Ministry of Finance Sri Lanka
By Sewvandhi Oct 01, 2022 01:39 PM GMT
Sewvandhi

Sewvandhi

Report
110 Shares

ලබන මාසයේ සිට රාජ්‍ය සේවකයින්ට වැටුපෙන් අඩක් පමණක් ගෙවන බවට පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන අවධාරණය කළා. එලෙස රාජ්‍ය සේවකයින්ට අඩක් පමණක් ගෙවන බවට මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයින් සිදුකරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් සිදු කල විමසීමකදීයි ඔහු මේ බව කියා සිටියේ.

කෙසේ වෙතත්, බද්දේගම ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර ද රාජ්‍ය සේවක වැටුප සම්බන්ධයෙන් අදහස් පළ කළ අතර ඔහු එහිදී කියා සිටියේ රාජ්‍ය අමාත්‍යවරයෙකු සඳහා මසකට රුපියල් ලක්ෂ 25 ක් පමණ වැය වන බවයි.

එහෙත්, රාජ්‍ය සේවක වැටුපෙන් අඩක් පමණක් ගෙවීම සම්බන්ධයෙන් කිසිදු ආකාරයක සාකච්ඡාවක් සිදුනොවූ බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ. ජනතාව කැළඹීමට පත් කිරීම සඳහා ඇතැම් පාර්ශව සිදුකරන මෙවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව ද ඔහු සඳහන් කළා.

ආදායම් ලබන රාජ්‍ය ආයතනවලට වැටුප් ගෙවීම සඳහා මුදල් අමාත්‍යාංශය ප්‍රතිපාදන ලබා නොදෙන අතර ඒ අනුව රාජ්‍ය බැංකු, වරාය, දුම්රිය, ලංගම වැනි ආයතන ඔවුන් උපයන ආදායම්වලින් සේවකයින්ට වැටුප් ලබාදීම සිදුකෙරෙනවා. කෙසේ වෙතත්, රාජ්‍ය සේවකයින්ට නියමිත පරිදි වැටුප් ලබාදීමට කටයුතු කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් අවධාරණය කළේ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now