රාජ්‍ය ආයතන වල ගිණුම්,පුද්ගලික බැංකු වල විවෘත කිරීම ගැන විශේෂ කැබිනට් තීරණයක්..!

Sri Lanka Sri Lanka Cabinet Government Of Sri Lanka
By Sewvandhi Mar 01, 2023 03:07 PM GMT
Sewvandhi

Sewvandhi

Report

 රාජ්‍ය ආයතන වල ගිණුම් හදිසි අවශ්‍යතාවයකදී කටයුතු කළ හැකි පරිදි පුද්ගලික බැංකුවල ද විවෘත කර පවත්වාගෙන යෑම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එනම් අද (01) පැවති විශේෂ කැබිනට් හමුවකදී මෙම තීරණය ගෙන ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කර සිටියා.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පවසා ඇත. රාජ්‍ය බැංකු කාර්ය මණ්ඩල අකුරට වැඩ කිරීම, වැඩ වර්ජනය කිරීම ආදී ක්‍රියාමාර්ග වලට යොමු වීම නිසා පොදු මහජන සේවා පවත්වාගෙන යෑම විශාල ගැටලුකාරී තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකි බව එම කැබිනට් හමුවකදී අමාත්‍යවරුන් විසින් ජනාධිපතිතුමා වෙත පෙන්වා දී ඇත.

එහිදී මුදල් අමාත්‍යංශය පූර්ව අනුමැතියක් සහිතව මෙම කටයුත්තට අනුමැතිය ලබා දිය යුතු බවට අතිගරු ජනාධිපතිතුමා විසින් උපදෙස් ලබාදුන් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටී


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now