රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්..

Sri Lanka Government Of Sri Lanka
By krishani Aug 14, 2022 03:52 AM GMT
krishani

krishani

Report

රට තුළ පැවති වාතාවරණයත් සමඟ රාජ්‍ය නිලධාරීන් කාර්යාලවල සේවයට කැඳවීම සීමා කරමින් චක්‍රලේඛයක් නිකුත් කළ අතර එය අවස්ථා කිහිපයකදී දීර්ඝ කෙරිණී.

මේ මස 24 වනදායින් එම චක්‍රලේඛයේ වලංගු කාලසීමාව අවසන් වන අතර පසුව යළි එම චක්‍රලේඛය දීර්ඝ කිරීමකින් තොරව සාමාන්‍ය පරිදි රජයේ සේවකයන් සේවයට කැඳවීමට අවධානය යොමුව ඇති බවත් ඒ අනුව චක්‍රලේඛයේ වලංගු කාලය අවසන් වීමට ප්‍රථම රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවන්නේ කවර ආකාරයකට ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join