ගමක්ම බිය වද්දන හිවල්ලූ - ගමනාගමනයත් සීමා වෙයි..(VIDEO)
Sri Lanka
By Sewvandhi
මාස 2 කට පෙර
යක්කල වැරැල්ලවත්ත ප්‍රදේශවාසීන් හිවල් භීතියක් හේතුවෙන් දැඩි අසරණ තාවයට පත්ව තිබෙනවා.ගම්වදින හිවලුන් හේතුවෙන් යක්කල හෙට්ටියාදෙනිය, මිරිස්වත්ත, හංසගිරිය ආදී ප්‍රදේශවල ජනතාවගේ දෛනික කටයුතුවලට මාස කිහිපයක සිට අහිතකර බලපෑම් එල්ල වෙමින් පවතී.
ඔවුන් පෙන්වා දෙන්නේ ප්‍රදේශයේ වගානොකළ කුඹුරු යායකට යාබදව පිහිටි කැලෑබද පරිසරයක සිට මෙම හිවලුන් ගම්මානයට පැමිණෙන බවය.ඔවුන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ වහාම විසඳුමක් ලබා දෙන ලෙසයි.
හිවල් භීතිය නිසා සෑම උදෑසනකම ප්‍රදේශයේ දරුවන්ට පාසල් යාමටත් ප්‍රදේශවාසීන්ට රැකියාවලට යාමටත් සිදුව ඇත්තේ රතිඤ්ඤා දල්වමින් හිවලුන් පලවා හරිමිනි.
(වීඩියෝ - අඩ්ජ දෙරණ)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |