මාරක අනතුරු කිහිපයකින් සිව්දෙනෙක් මරුට
ප්‍රදේශ කිහිපයක සිදුවූ මාරක රිය අනතුරු හතරකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (01) මෙම අනතුරු සිදුව ඇත්තේ නිට්ටඹුව, තලාව, හෙට්ටිපොල සහ පුත්තලම යන පොලිස් වසම්වලදීය.
කොළඹ - මහනුවර මාර්ගයේ තිහාරිය ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවකට ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික කාන්තාව සහ යතුරුපැදිකරු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී පදික කාන්තාව මියගොස් ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ තිහාරිය ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි කාන්තාවකි.
මේ අතර තලාව 419 ගම්මානය මාර්ගයේ නව හඟුරන්කෙත හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි අත්ට්‍රැක්ටර් රථයකට ගැටී සිදුවූ අනතුරකින් 29 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් ඇත.
මේ අතර හලාවත - කුරුණෑගල මාර්ගයේ තෝරගල්ල ප්‍රදේශයේදී යතුරුපැදියක් පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී අනතුරක් සිදුව ඇත.
මේ අතර තලාව 419 ගම්මානය මාර්ගයේ නව හඟුරන්කෙත හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි අත්ට්‍රැක්ටර් රථයකට ගැටී සිදුවූ අනතුරකින් 29 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ, එරුක්කලම්පිට්ටි, මන්නාරම ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි කාන්තාවකි.