විදෙස් මාධ්‍යක ශ්‍රී ලංකාව ගැන පලවුණු භයානක දේ..?
lock down
fake news
BBC
foreign media
Roiter
By Sewvandhi
ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් හදිසි ආර්ථික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ශ‍්‍රි ලංකාව දැඩි විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී ඇති බවත් ඒ මධ්‍යයේ ආහාර මිල පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවත් එම වාර්තාවල දැක්වෙයි. මෙම හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හා උද්ධමනය පාලනය කිරීම සඳහා ප‍්‍රධාන ආහාර තොග අල්ලා ඒවායේ මිල නියම කිරීමට බලධාරීන්ට බලය පවරන බවද එම වාර්තාවන් කියා සිටී.
කෙසේ වෙතත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය විසින් ශ්‍රී ලංකාව තුළ ආහාර හිගයක් උද්ගතව ඇති බවට පැතිර යන වාර්තා වල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.
ජනතා ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය රජය සතුව ඇති බවද එම නිවේදනයේ දැක්වේ.
රොයිටර් වාර්තා මෙතනින්
බීබීසී වාර්තාව මෙතනින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

