ගිනි පුපුරක් රතිඤ්ඤා ගොඩට වැටිලා - වෙළඳසලක ලොකු ගින්නක් [VIDEO]
By Kaushi
නානුඔය නගරයේ පිහිටි වෙළඳසලක අද (12) දින ගින්නක් හටගෙන ඇති බව වාර්තා විය.
ඒ අනුව අඳාළ වෙළඳසල තුළ පෑස්සුම් කටයුත්තක් සිදු කර තිබෙනවා.
එම අවස්ථාවේදී ගිනි පුපුරක් වෙළදසලේ අලෙවි කිරිමට තිබූ රතිඤ්ඤාවලට වැටීමෙන් මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වුණා.
නානුඔය පොලීසිය සඳහන් කළේ එම ගින්න පාලනය කළ බවයි.
එමෙන්ම ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති අතර, සිදු වූ අලාභය වාර්තා වී නැති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.