මූල්‍ය ගණුදෙනු සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් සිටින්න..ජනතාවට විශේෂ දැනුම්දීමක්..
Central Bank of Sri Lanka
Sri Lanka Customs
By Aruna
රේගුව හා සම්බන්ධ තොරතුරු හා විස්තර භාවිත කරමින් ජනතාව රවටා සිදුකරන මූල්‍ය වංචාවල වර්ධනයන් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
රේගුවේ ලිපි ශීර්ෂ, දුරකථන අංක පමණක් නොව රේගු නිලධාරීන්ගේ නම් පවා වංචනිකයන් විසින් යොදා ගනිමින් සිටින බවයි, රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුදත්ත සිල්වා මහතා සඳහන් කළේ.
ශ්‍රී ලංකා රේගුව පවසන්නේ, නාදුනන පුද්ගලයන්ගේ ගිණුම්වලට මුදල් තැන්පත් කිරීමට කිසිදිනක කටයුතු නොකරන බවයි.
මෙවැනි වංචනික ක්‍රියා සිදුකරන පුද්ගලයන් පිළිබඳ කඩිනමින් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුදත්ත සිල්වා මහතා අවධාරණය කර සිටියා.
