පොහොර ආනයනය සම්බන්ධයෙන් විශේෂ තීරණයක්

sri lanka Corona virus Covid 19 import fertilizers
By Sithumi Sep 16, 2021 04:06 PM GMT
Sithumi

Sithumi

Report

මෙතෙක් වී වගාව සඳහා පමණක් කාබනික පොහොර ආනයනය කිරීමට අවසර ලබා දී තිබුණ ද අද (16) සිට තේ, පොල්, රබර් ඇතුළු අනෙකුත් බෝග සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට අවසර ලබාදී තිබේ.

එම පොහොර ආනයනය කිරීමට රජයේ පොහොර සමාගම් 02ට අවසර ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. මේ අතර ඔක්තෝබර් මාසය වනවිට සියලුම බෝග වගාවන් සඳහා හිඟයකින් තොරව වෙළෙඳපොළෙන් පොහොර මිලදී ගත හැකිවන පරදි පොහොර ආනයනයට පෞද්ගලික අංශයට අවස්ථාව ලබාදීමට ද පියවර ගෙන ඇත. 

ලංකාවේ ප්‍රථම වතාවට කාබනික පොහොර භාවිතයෙන් වී ගොවිතැන් කිරීම සඳහා අවශ්‍ය කාබනික පොහොර මෙරට තුළ නිෂ්පාදනය කෙරෙමින් පවතින බවත් කාබනික නයිට්‍රජන් හා පොටෑසියම් අවශ්‍ය තරම් ආනයනය කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය. 

 හෙක්ටයාර් 01කට නයිට්‍රජන් කිලෝ 300ක් හා පොටෑසියම් කිලෝ 45ක් බැගින් ගොවියාට නොමිලේ ලබාදීමට කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now