මාරක අනතුරක් - තිදෙනෙක් මරුට

Sri Lanka Police Accident Death Sinhala news
By Hashini Jul 20, 2025 03:05 AM GMT
Hashini

Hashini

Report

නාරම්මල - ගිරිඋල්ල මාර්ගයේදී ඊයේ (19) සිදුවූ අනතුරකින් තිදෙනකු මියගොස් තිබෙනවා.

කාර් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටී සිදුවූ මෙම අනතුරින් තවත් කිහිප දෙනකු තුවාල ලබා තිබෙනවා.

පොලිසිය පවසන්නේ මරණකරුවන් අතර කුඩා දැරියන් දෙදෙනෙක් සහ කාර් රථයේ රියදුරු වන බවයි.

අනතුරින් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙක් සහ තවත් පිරිමි පුද්ගලයෙක් දඹදෙණිය රොහලට හා නාරම්මල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

විශේෂයෙන් මේ ලග්න හිමියන් අද ඉතා ප්‍රවේසමෙන් කටයුතු කරන්න

විශේෂයෙන් මේ ලග්න හිමියන් අද ඉතා ප්‍රවේසමෙන් කටයුතු කරන්න

මියගිය දැරියන් දෙදෙනා මාස 09ක සහ මාස 11ක වයසේ පසුවන බවත් රියදුරු වයස අවුරුදු 38ක වූ අයෙක් බව සඳහන්.

ඔවුන් දිවුල්ලෑව, මහව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පැවසෙනවා.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නාරම්මල පොලිසිය විසින් සිදුකරනවා. 

ශිෂ්‍යත්ව විභාගය ගැන නව හෙළිදරව්වක්

ශිෂ්‍යත්ව විභාගය ගැන නව හෙළිදරව්වක්

ReeCha