විභාග, නිල ඇඳුම් සහ අභ්‍යාස පොත් ගැන අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ නිවේදනයක්..!

A D Susil Premajayantha Sri Lanka Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination
By Sewvandhi Nov 27, 2022 10:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (27)පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ ,2022 වසරේ සාමාන්‍ය පෙළ විභාගය එළැඹෙන අප්‍රේල් මස අග හෝ මැයි මුල දී පැවැත්වීමට නියමිත බවයි.

"දෙසැම්බර් 18 වනදා අපට සූදානම් වෙන්න තියෙනවා 5 ශිෂ්‍යත්ව විභාගය සඳහා. සාමාන්‍ය පෙළ අප්‍රේල් අග හෝ මැයි මුල වගේ පවත්තවන්න වෙනවා. මොකද උසස්පෙළ විභාගය මාස එක හමාරක් විතර කල්දාන්න සිදුවුණ නිසා. අපි බලාපොරොත්තු වෙනවා. 2023 තුළදී මේ සියලු විභාග පවත්වලා අපි පුළුවන් තරම් දුරට නියමිත කාලයට විභාග පවත්වන්න බලාපොරොත්තු වෙනවා.

නිල ඇඳුම් සම්බන්ධයෙන් චීනයෙන් නිල ඇඳුම් 70%ක් ලැබෙනවා. එහි පළමු තොගය දෙසැම්බර් 3වනි සතියේ ලැබෙනවා. ලබන වසරේ මාර්තු වන විට පාසල් නිලඇඳුම් බෙදාහරිනවා. සෙස් බද්ද නිසා පොත් සහ පාසල් උපකරණ මිල ඉහළ ගිහින්. එය අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කරලා තියෙන්නේ. අභ්‍යාස පොත්වලට සෙස් බද්ද අඩු කරන්න පියවර ගන්නවා." 

 මේ අතර සෙසු අයිතිවාසිකම්වලට හඬ නගන විශ්වවිද්‍යාල සිසුන් වසර ගණන් විශ්වවිද්‍යාලය තුළ රැඳෙමින් තවත් සිසුන්ට ඊට ප්‍රවේශවීමට ඇති ඉඩ අහුරා ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වසර 8ක් හෝ 10ක් විශ්වවිද්‍යාලය තුළ රැඳෙන සිසුවෙක් අවම වශයෙන් තවත් සිසුන් 8 දෙනෙකුට ඇති අවස්ථාව අහිමි කරන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now