විභාගයක ප්‍රශ්න පත්‍රයක් පිට වූ බවට හෙළිදරව්වක්..උණුසුම් තත්ත්වයක්.

Parliament Education Lakshman kiriella Open university Law exam paper
By Aruna Nov 15, 2021 08:48 AM GMT
Aruna

Aruna

Report

මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල - මීරිගම කොටස මේ මාසය තුළ විවෘත කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මෙහිදී ඇති වූ උණුසුම් සංවාදයට කථානායකවරයාද මැදිහත් වුණා.

අයවැය විවාදයේ දෙවන දිනය වන අද විවාදයට එක්වෙමින් අදහස් දැක් වූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්‍යයන් සඳහන් කළේ, ඊයේ(14) පැවති විවෘත විශ්වවිද්‍යාලයේ නීති විභාගයේ ප්‍රශ්න පත්‍රයක් පිට වූ බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඔහු අධිකරණ සහ මුදල් අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක් ද කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha