විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්.!!

Ministry of Education Sri Lanka Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Education
By Aruna Jun 14, 2023 01:54 AM GMT
Aruna

Aruna

Report

අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විද්‍යා විෂයධාරාව ඇතුළු විෂයන් 40ක පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු හෙට (15) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනපුරා ඇඟයීම් මධ්‍යස්ථාන 39කදී ඇඟයීම් මණ්ඩල 519කදී පිළිතුරු පත්‍ර ඇඟයීමේ කටයුතු සිදුකරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ජූලි මස 04 වනදා දක්වා නගර 18ක් ක්‍රේන්ද්‍ර කරමින් එම ඇගයිම් කටයුතු සිදුකිරීම සඳහා පාසල් අර්ධ වශයෙන් යොදා ගැනීමට සැලසුම් කර ඇත.

එම ඇගයීම් කටයුතු අවසන් වීමත් සමඟ උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍ය පිළිතුරු පත්‍රවල ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ReeCha