මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
රට තුළ ප්‍රකාශයට පත් කර ඇති මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මාසයක කාලයකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව අද(09) දින පාර්ලිමේන්තුවේදී සම්මත වී ඇත.
ඒ වැඩි ඡන්ද 128කින්. අද දින පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයෙන් පසුව පවත්වන ලද මෙම ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව සහ විපක්ෂව ඡන්ද හිමි විය.
එහිදී යෝජනාවට පක්ෂව ලැබුණු ඡන්ද ගණන 135ක් විය.
එසේම විපක්ෂව ලැබුණේ ඡන්ද 07ක් පමණි.