විදුලිය උත්පාදනය ගැන ලංකා විදුලිබල මණ්ඩලයෙන් ප්‍රකාශයක්.
Sri Lanka
Ceylon Electricity Board
By krishani
මාස දෙක හමාරක පමණ කාලයක් විදුලිබල මණ්ඩලයට අයත් බලාගාරවලින් විදුලිය උත්පාදනය කළ හැකි බව සඳහන් වේ.
ඒ පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ ය.
ඒ බව ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කළේ ය.
විදුලි බල මණ්ඩලයට අයත් ජල විදුලි බලාගාරවලින් ඊයේ උත්පාදනය කර තිබුණේ, ගිගාවොට් පැය 6.26ක් ය.
ඒ පවතින වියළි කාලගුණයත් සමඟ විදුලි සැපයුමට දැඩි බාධා එල්ල වී ඇති පසුබිමක ය.
එය ප්‍රතිශතයක් ලෙස සමස්ත නිෂ්පාදනයෙන් 12.7% ක ප්‍රමාණයක් වේ.
මේ අතර ඊයේ දින 51% කට වැඩි ප්‍රතිශතයකින් විදුලිය නිපදවා ඇත්තේ ගල් අඟුරු සහ තාප බලාගාරවලින් බව වාර්තා වේ.
